ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයට ගල්කඩාවැටීමේ අවදානම තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය ඊයේ (26) පැවසිය .
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් නාය ගොස් ගල්කඩාවැටෙන ස්ථාන ආශ්රිත ප්‍රදේශයේ අද පරික්ෂණයක් සිදුකරන බවත් ඒ අනුව මාර්ගය විවෘත කරන්නේද නැතිනම් තවදුරටත් වසා තබන්නේද යන්න තීරණය කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමන්ති පරණගම මහත්මිය පැවසුවාය .
විකල්ප මාර්ග භාවිතය වඩාත් ආරක්ෂිත විසඳුම බවද සදහන් ඇය සඳහන් කළාය.