ඇඹිලිපිටිය කඩදාසි කම්හලටත් පණ දෙනවා - විමල්
ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණ දීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද (28දා) දැනට වසා දමා ඇති ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
‘‘වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප්‍රථම කඩදාසි තොගය මේ මාසයේ අගදී අපි වෙළඳපොළට නිකුත් කරනවා. වාලච්චේන කම්හලේ යන්ත්රසූත්ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වුණා. ජලය, විදුලිය ඇතුළු සියලු දේ අලුතින් ගැනීමට සිදු වුණා. ගොඩනැගිලි සියල්ල යළි පිළිසකර කිරීමට සිදු වුණා.
ඊට සාපේක්ෂව ඇඹිලිපිටිය කඩදාසි කම්හල ආරක්ෂිතව තිබුණා. මෙහි යන්ත්‍ර සූත්‍ර හොඳින් පවතිනවා. විදුලි පද්ධතියට තමයි, තඹ කම්බි සොරාගත් පිරිස් හානිකර ඇත්තේ. ඒ ටික ප්‍රතිසංස්කරණය කර මෙහි වැඩ කටයුතු ඇරඹිය හැකියි.
වාලච්චේන කඩදාසි කම්හල අපි ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට සූදානම්. ඒක අපි ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු කර පෙන්වනවා. ඒ සමඟම අපි ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි කටයුතුත් ආරම්භ කරනවා. දැනට මෙම කම්හල උකස් කර ඇති සෙලාන් බැංකුව සමඟ අපි එකඟතාවකට ඒමට සාකච්ඡා කරමින් සිටිනවා, එම ණය මුදල් ගෙවා මෙහි අයිතිය යළි ජාතික කඩදාසි සමාගමට ලබා ගැනීමට. මේ සම්බන්ධයෙන් ඔවුන් නම්‍යශීලිව කටයුතු කරමින් සිටිනවා.
ඒ නිසා අපි ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරලා, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන වාලච්චේන කම්හලට යළි පණ දුන්නා වගේ මේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලටත් ඉදිරි මාස කිහිපය තුළ යළි පණ දීමට සූදානම්.’’
popular news
-
Kumar Tuesday, 28 July 2020 09:37 PM
This will be like giving life to an extinct dinosaur. If the intent is to use straw then it is a ploy to import paper pulp to make paper. In the US paper is recycled and remainder is made by cutting forests. Sri is so small and there is no space to plant forests to harvest.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
