ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්රශ්නය ගැන අවධානය යොමුව තිබේ.
මින් එක් නඩුවක් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර ඇති අතර, අනෙක් නඩුව කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ගොනුකර ඇත.
ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වූ රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත 2019 මාර්තු මස 06 වැනිදා ඇමෙරිකානු රජයට යොමු කර තිබේ. එහෙත් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළේද නැද්ද යන්න ගැන ගෝඨාභය රාපක්ෂ මහතාට මෙතෙක් දැනුම් දීමක් කර නැත.
ඇමෙරිකාව මීට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් විදේශයන් හිදි සිදු කළ හෝ සිදු කළේ යැයි කියන කරුණු සම්බන්බන්ධයෙන් තම පුරවැසියන්ට දඩුවම් දුන් අවස්ථා ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් විරල බව නීති විශාරදයන්ගේ මතයයි.
විදේශයන් හි ඇති ඇමෙරිකානු දේපොළ වලට හානි කළ හෝ ඇමෙරිකානු වැසියන් හානි කළ පුද්ගලයන්ට විරුද්ධව ඇමෙරිකාව ක්‍රියාමාර්ග ගෙන ඇතත් තම රටේ පුරවැසියන් විදේශයන් හි සිදු කරන හෝ සිදු කළා යැයි කියන ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි තීරණවලට එළැඹ නැත. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැත්නම් ඔහුට ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත.
එහෙත් යම් හෙයකින් මාර්තු 06 වැනිදා යොමු කළ අයදුම්පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කර ඇත්නම් ඔහුට මෙම නඩුවේ දී ඇමෙරිකානු පුරවැසියෙකුට ලැබෙන වරප්‍රසාද නොලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අනුව ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කළේද නැද්ද යන්න මත රජපක්ෂ මහතාට එරෙහි නඩුවේ දී රාජපක්ෂ මහතාට ඇති වාසිය තීරණය වනු ඇත.

popular news
-
Champa Tuesday, 09 April 2019 09:34 AM
මේවා වැඩක් නැහැ. රනිල්ගේ අලුත්ම ගැටයක් ගහල තියෙනව වෙලාව අල්ලලා. හැමදාම කළා වගේ රනිල් රටට එරෙහි බරපතල පාවා දීම් කරන්න යන හැම වෙලාවෙම මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න ලොකු කතාවක් ගේනවා. දැන් කල් යල් බලල මේ නඩු කතාව ගෙනාව ඒ මොකොද ඇමරිකන්කාරයන්ට හදිස්සියි කොළොඹ ඉදන් ත්‍රිකුණාමලේ දක්වා අක්කර ලක්ෂ 12ක් ගන්න SOFA ගිවිසුම සහ ACSA එකත් අලුත් කරන්න. ඒ හින්ද මේ වෙලාවෙම මේක ගෙනාව. අපේ දේශපාලකයෝ උඩ පැනල රනිල්ගේ මේ වගේ උගුල් වලට අහු වෙනවා. ජනාධිපතිත් රනිල්ට වැඩේ කරගෙන යන්න බොරු කොක්කක් දා ගත්ත කැබිනට් එකත් එක්ක මේ ලඟදි ආයේ කැබිනට් රැස්වීම් වලට යන්නේ නැහැ කියලා. ඒ මොකොද එතකොට කියන්න පුළුවන් මම දන්නේ නැහැ මට කිව්වේ නැහැ. සමහර විට රනිල් ඔය ගිවිසුම් අත්සන් කරන්න ඇරලා ජනාධිපති රටත් යන්න පුළුවන්. 2019 දෙවෙනි ජිනීවා ගිවිසුමට රනිල්ට කැමති විදිහට කරන්න දීල පස්සේ ඒ දවස් ටිකේ රට ගියා. ඔක්කොම ඉවර වුනාට පස්සේ ඇවිල්ල කිව්වා මම දන්නේ නැහැ මට කිව්වේ නෑ තානාපති හොරෙන් අත්සන් කරනව. දැන් කැබිනට් නොගියින් හිටියම රනිල් ඕනේ විදිහට වැඩේ කරයි. මේකට විරුද්ධ වෙන්න මිනිස්සුන්ව විමල් දැනුවත් කරනවා. නමුත් කල් යනව වැඩි.
Reply : 0 0
Demuni de silva Tuesday, 09 April 2019 05:05 PM
If he has unlawfully acted he should face the චර්ගේස් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

