ඇමසෝන් හි නිර්මාතෘ ජෙෆ් බෙසොස් මේ වසර අගදී එම සමාගගෙම් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වී විධායක සභාපති ධුරයට මාරුවනු ඇතැයි සමාගම නිවේදනය කරයි. ඔහු වෙනුවට ඇන්ඩි ජැසි එම ධුරයට පත් කරනු ඇත.
බෙසෝස් 1995 දී ඇමසෝන් හි ප්‍රධාන විධායක නිලධාරියා ධුරයට පත්විය. ඔහු අන්තර්ජාල පොත් අලෙවිකරුවෙකුගේ සිට ඩොලර් ට්‍රිලියන 1.7ක ගෝලීය සිල්ලර හා ලොජිස්ටික් මෙහෙයවන්නෙකු බවට වර්ධනය වෙමින්, මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයෙකු බවටද පත්ව සිටී.
ජැසි 1997 සිට ඇමසෝන් වෙනුවෙන් සේවය කර ඇති අතර දැනට සමාගමේ විශාලතම ලාභ උපයන්නා වන ඇමසෝන් වෙබ් සර්විසස් හි ක්ලවුඩ් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරයි.