කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ දැඩි අභියෝගයකට මුහුණදී සිටින එක්සත් ජනපදයට මේ මොහොතේ උදව් අවශ්‍ය නම් උදව් ලබාදිය හැකි බව රුසියාව පවසයි.
එක්සත් ජනපදයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් පවසා සිටියේ අවශ්‍ය නම් නව කොරෝනා වෛරසය පැතිරීමට එරෙහි සටනේදී වොෂිංටනයට උදව් කිරීමට මොස්කව් සූදානම් බවය.
"අපගේ පරීක්ෂණ කට්ටලවල උසස් බව චීනයේදී, ඉරානයේදී පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේම ඉතාලිය වෙතත් ඒවා යොමුකර තිබෙනවා. මේ මොහොතේ සාමාන්‍ය ඇමෙරිකානුවන්ට මා පවසා සිටින්නේ, අවශ්‍ය නම් ඔබට උදව් කිරීමට රුසියාව සූදානම්. කැලිෆෝනියාවේ ලැව්ගිනි ඇතිවූ අවස්ථාවේදීත් අප උදව් කිරීමට සූදානම් බව පැවසුවා." රුසියානු රජය සතු ප්රවෘත්ති සේවාවක් වන ස්පුට්නික් අමතමින් ඇන්ටනොව් මෙසේ පවසා තිබුණි.
එක්සත් ජනපදය ඊයේ (24දා) කොවිඩ්-19 ව්‍යසනය හමුවේ දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කළ අතර, එදින පුද්ගල ජීවිත 163ක් ඇමෙරිකාවට අහිමි විය. එමෙන්ම, කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණි.