එක්සත් ජනපද ගුවන් හමුදාවේ නව හයිපර්සොනික් මිසයිල වැඩසටහන, කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ සිට බී-52 එච් ස්ට්රැටෝෆෝට්රස් බෝම්බ හෙළන යානයක සිට දියත් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ.
කෙසේ වෙතත් මෙම අසාර්ථක උත්සාහයෙන් පසුව ගුවන් යානය ආරක්ෂිතව එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව පැමිණි බව සනාථ කරයි.
මෙම වැඩසටහන අසමත් වීම එක්සත් ජනපදය ලැබූ දරුණු පසුබෑමක් වන අතර, ඔවුන් මෙවැනි හයිපර්සොනික් ආයුධ නිපදවීම සඳහා චීනය සහ රුසියාව සමග තරගයක නිරතව සිටින මොහොතක මෙය අසාර්ථක වීම ඊට හේතුවයි.
මෙවැනි මිසයිල සැලසුම් කර ඇත්තේ ඉතා වේගයෙන් ගමන් කළ හැකි ආකායෙනි. ඒවාට විශාල දුරක් පියාසර කළ හැකි අතර, දැඩි ලෙස ආරක්ෂිත ගුවන් අවකාශයක් හරහා වුවද වේගයෙන් ගමන් කළ හැකි බව කියයි.