එක්සත් ජනපදයේ ප්රාන්ත 50 තුළම මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් හමුවී ඇති අතර, අවසන් වශයෙන් බටහිර වර්ජීනියා ප්රාන්තය වෛරසයට ගොදුරුව තිබේ.
එමෙන්ම එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ 100 සීමාව ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එරට ප්රාන්ත 37ක සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.