එක්සත් ජනපදය වත්මන් කොවිඩ්-19 රෝහල් ගත කිරීම් 128,210ක් වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට නව වාර්තාවක් තැබූ බව කෝවිඩ් දත්ත ලුහුබැඳීමේ ව්‍යාපෘතිය පවසයි.
වර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි.
එම දත්තවලට අනුව වැඩිම රෝහල්ගත වීමේ සංඛ්‍යාවක් වාර්තා වී ඇති දිනයන් මෙසේය.
ජනවාරි 4දා 128,210ක් රෝහල් ගත කර ඇත
ජනවාරි 3දා 125,544ක් රෝහල් ගත කර ඇත.
දෙසැම්බර් 31දා 125,379 දෙනෙකු රෝහල් ගත කර ඇත.
දෙසැම්බර් 30දා 125,218ක් රෝහල් ගත කර ඇත.
ජනවාරි 1දා 125,047 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,786,000ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 353,131කි.