එක්සත් ජනපදය ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 80,000කට වඩා වාර්තා කර ඇති අතර, මෙය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික සංඛ්‍යාව බව කියයි.
රට පුරා රෝහල්ගතවීම් සහ දෛනික මරණ සංඛ්‍යාව ඇතුළු අනෙකුත් අඳුරු රටාවන් මධ්‍යයේ මෙය සිදුවී ඇති අතර, නරකම තත්ත්වය තවම පැමිණ නොමැති බවට විශේෂඥයන් අනතුරු අඟවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, සිකුරාදා දිනයේ අවම වශයෙන් ආසාදිතයන් 80,005ක් එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර, මේ දක්වා එරට වාර්තා කර තිබු ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව 77,362ක අගය මේ අනුව ඉක්මවා ඇත.
ඔක්තෝබර් මස මුල සිට රෝහල් ගත කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 33%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.
ජෝන්ස් හොප්කින්ස් පවසන්නේ ගෙවීගිය දිනයේ වෛරසය ආශ්රිත මරණ 856ක් වාර්තා වන බවය. දින හතක සාමාන්‍ය දෛනික මරණ 763 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මාසිකව ඉහළම සාමාන්‍ය අගය බවද කියයි.
නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට (මුඛ ආවරණ අවශ්‍ය නෑ, වසංතය බොරුවක් මේ සාමාන්‍ය උණක්, මැරෙන්නෙ වයසක අය විතරයි, ප්‍රතිශක්තිය අපේ හොඳයි ආදී) මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.