ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍ය ලෙස අද (02දා) අලුයම වනවිට ඇමෙරිකාවේ ආසාදිත පිරිස 1,103,117ක් ලෙස සටහන් වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරටින් මේ වනවිට වනවිට ආසාදිත මරණ සංඛ්‍යාව 64,804කි.
එමෙන්ම ඇමෙරිකාවේ නිව්යෝක් නගරය වැඩිම මරණ වාර්තා වන කලාපය බවටද පත්ව ඇති අතර, එම අගය 18,399කි.
මේ දත්ත සමග මේ දක්වා ඇමෙරිකානුවන්ගෙන් කොරෝනා වසංගතයෙන් සුවය ලබා ඇත්තේ 164,015ක් පමණි.
එමෙන්ම ඇමෙරිකාව තුළ කොවිඩ්-19 පරීක්ෂණ 6,551,810ක් මේ වනවිට සිදුකර ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලද වැඩිදුරටත් පවසයි.