එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල ගණනය කිරීම්වලට වඩා වැඩිවිය හැකි බව එක්සත් ජනපද ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තෝනි ෆවුසි සඳහන් කරයි.
එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව පිළිබඳව ඇමෙරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
සෙනෙට් සභිකයා ප්‍රශ්න කරන්නේ ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව නිවැරදි ද, නැතහොත් 50% කින් පමණ තවත් වැඩිවේදැයි යනුවෙනි.
“බොහෝ දෙනෙකුට හැඟී යන්නේ නිල සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි”, ආචාර්ය ෆවුසි පවසයි.
ඔහු සඳහන් කරන්නේ කිසිවෙටකත් රෝග විනිශ්චය නොකළ එසේම කොවිඩ් ආසාදනය වී තමන්ගේ නිවසේදීම මිය ගිය අයද ඇමෙරිකාවේ සිටිය හැකි බවයි.
ඉදිරි මාස කිහිපය තුළ ඇමෙරිකාවට කොවිඩ් පාලනය කිරීමට හැකියාවක් ලැබුණත් ලෝකයේ අන් තැනකින් එය වාර්තා වී නැවතත් ඇමෙරිකාවට පවා පැමිණීමට අවස්ථාව ඇති බව ඔහු සඳහන් කරයි.
කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමට හැකියාවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.