ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් 800,000 සීමාව ඉක්මවමින් මේ වනවිට 823,786ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 45,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වීමෙන් පසු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 75,000 ඉක්මවා තිබේ.
මේ අතර දෙවනුවට වැඩිම ආසාදිතයන් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම අගය 204,178කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 21,282කි. සුවය ලැබූවන් 82,514කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාලියෙනි. එම අගය 183,957කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 24,648කි. සුවය ලැබූවන් 51,600කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ අගය 159,297කි. එරට මරණ සංඛ්‍යාව 20,829ක් වන අතර, සුවය ලැබූවන් 39,835කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් ජර්මනියෙන් වාර්තා වෙයි. එම අගය 148,291කි. මරණ සංඛ්‍යාව 5,086කි. සුවය ලැබූවන් 95,200කි.
හයවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන මහා බ්‍රිතාන්‍යයේ ආසාදිත පිරිස 130,172කි. මරණ සංඛ්‍යාව 17,378ක් වන අතර, සුවය ලැබූවන් 638ක් පමණි.
හත්වනුව වැඩිම ආසාදිත පිරිස තුර්කියෙන් වාර්තා වන අතර එම අගය 95,591කි. මරණ සංඛ්‍යාව 2,259කි. සුවය ලැබූවන් 14,918කි.