ඇමෙරිකාවේ එන්නත්කරණය සම්බන්ධයෙන් දැනට ප්‍රකාශයට පත් කරන දත්තවලට අනුව, පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන් කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන ඇති බව කියයි.
මූලික වශයෙන් පෙන්සිල්වේනියා, දකුණු ඩැකෝටා සහ නෙබ්‍රස්කා යන ප්‍රාන්තවල ස්ත්‍රී පුරුෂභාවය ඇතුළත් වාර්තා පවසන්නේ එන්නත් ලබා දුන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුට වඩා කාන්තාවන් සිටින බවය.
විශේෂඥයන් පවසන්නේ එන්නත ලබාදීමේ මුල් අවධියේදී සුදුසුකම් ලැබුවේ කවුරුන්ද යන්න මෙයින් පිළිබිඹු විය හැකි බවයි.
එරට මූලිකව එන්නත් ලබාදීමේදී සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකර තිබුණි.
එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ විශේෂඥයන්ගේ 2019 වාර්තාවකට අනුව, පූර්ණ කාලීන සෞඛ්‍ය සේවකයන්ගෙන් 76%ක් කාන්තාවන් නියෝජනය කරයි. පසුගිය මාසයේදී නිකුත් කරන ලද එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 76.3ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 81.4ක් විය.