කොවිඩ්-19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ වැසියන්ට රාත්‍රී 8.00 සිට පසුදා පහන් වනතුරු ඇඳිරි නීතිය පනවා තිබේ.
මෙම ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් විසින් තහනම් කර තිබේ.
මෙම ඇඳිරි නීතිය පැනවීමට කාල රාමුවක් ප්‍රකාශ කර නැතත්, එය අපේක්ෂිත අනාගතය සඳහා බලපැවැත්වෙන බව පමණක් දක්වා ඇත.