ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් -19 එන්නත මාත්‍රාව බෙදාහැරීම දෙසැම්බර් 10 වැනි දිනට පසුව ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් පවසයි.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව දෙසැම්බර් මාසයේ මුල් සතියේ රැස්වී ෆයිසර් සහ බයෝටෙක් හි නව කොරෝනා එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබා ගැනීම සඳහා වන අයදුම්පත සාකච්ඡා කරනු ඇත.
"සියල්ල හොඳින් සිදුවුවහොත්, දෙසැම්බර් 10න් පසු අපට එන්නත බෙදා හැරිය හැකියි" අසාර් අඟහරුවාදා පැවති සාකච්ඡාවකදී පැවසීය.
"ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය ලබා පැය 24ක් ඇතුළත සියලුම අධිකරණ බල ප්‍රදේශ 64ටම එන්නත බෙදාහැරිය හැකි යැයි අප විශ්වාස කරනවා. පසුව නිෂ්පාදිතය පැමිණි විගස එන්නත් කිරීමේ මෙහෙයුම් ආරම්භ වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා" අසාර් පැවසීය. "අප බඳවා ගත් පෞද්ගලික අංශයේ හවුල්කරුවෙකු වන සීවීඑස් හෙල්ත් පවසා ඇත්තේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරයෙන් පසු පැය 48ක් ඇතුළත හෙද හා සාත්තු නිවාසවල සිටින අයට එන්නත් ලබාදීමට ඔවුන් අපේක්ෂා කරන බවයි."
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලොව පුරා බෝවන රෝග පිළිබඳ විශේෂඥයන් අවධාරණය කරන්නේ, එන්නත් පිළිබඳ බලාපොරොත්තු තිබුණද, එන්නත ලැබෙන තුරු සහ එන්නත ලැබුණු පසුවත් තවදුරටත් මහජන සෞඛ්‍ය පුරුදු (අත්සේදීම, මුඛ ආවරණ, සමාජ දුරස්ථ පියවර) අඛණ්ඩව අනුගමනය කරන ලෙසය. එය මෙම භයානක කොවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කරගැනීමට ඉවහල් වන බව සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.