ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දිනය තුළ නව කොරෝනා මරණ 1,518ක් සමග සමස්ත මරණ සංඛ්‍යාව 93,439ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව නව ආසාදිතයන් 23,285ක්ද එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, ඒ අනුව සමස්ත ආසාදිත අගය අද (21දා) අලුයම වනවිට වාර්තා වන්නේ 1,551,853ක් ලෙසිනි.
ඇමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව 28,636ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නිව් ජර්සි ප්‍රාන්තයෙන් මරණ 10,749ක්ද, මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් මරණ 6066ක්ද, මිචිගන් ප්‍රාන්තයෙන් මරණ 5,060ක්ද වශයෙන් වාර්තා වෙයි.
එරට තුළ වෛරසය ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස 294,312ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.
මේ වනවිට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 න්ම, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බල ප්‍රදේශවල ආසාදිතයන් මෙන්ම, නැවත එරටට ගෙන්වා ගත් ආසාසදිතයන්ද මෙම අගයට ඇතුළත් බව සඳහන් වෙයි.