ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 1,132,315ක් ලෙස වාර්තා වන බව අද (03) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (03දා) අලුයම දැක්වුණේ 66,364ක් ලෙසිනි.
එරට වැඩිම මරණ වාර්තා වීම නිව්යෝක් නගරයෙනි. ඒ අනුව නිව්යෝක් නගරය ආශ්රිත කලාපයේ පමණක් මරණ 18,491ක් වාර්තා වෙයි.
මේ දක්වා වෛරසය ආසාදිතව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති ඇමෙරිකානුවන් සංඛ්‍යාව 175,382ක් ලෙසද එම දත්ත පෙන්වා දෙයි.
මීට අමතරව රට තුළ වෛරස පාලනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොවිඩ්-19 පරීක්ෂණ 6,816,347ක් සිදුකර අති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.