ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 54,841ක් බව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත විසින් පෙන්වා දෙන ලදී.
ඒ අනුව මේ වනවිට සමස්ත ඇමෙරිකානු ආසාදිතයන් සංඛ්‍යාව 964,937ක් ලෙස ආසාදිතයන් මිලියනයක සීමාව අභියසට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇමෙරිකාව තුළ මේ දක්වා එරට රෝහල් තුළ ප්‍රතිකාර කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 106,946 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවද සඳහන් වෙයි.
එරට මියගිය සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නිව්යෝක් නගරයෙනි. එම නගරයේදී පමණක් කොවිඩ්-19 ආසාදිත මරණ 17,280ක් වාර්තා වෙයි.
මීට අමතරව, එරටදී පුද්ගලයන් 5,441,079 දෙනෙකු මේ දක්වා කොවිඩ්-19 පරීක්ෂණය සඳහා බඳුන් කර තිබේ.