ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 525,000ක සීමාවට ළඟාවී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම එරට තුළ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 29,000,000ක සීමාව කරා පැමිණ තිබේ.
එම විශ්වවිද්‍යාලය විසින් සම්පාදනය කරන දත්තවලට අනුව අද (07දා) උදෑසන වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 28,949,455ක් ලෙසත්, සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 524,262ක් ලෙසත් සටහන් විය.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ වාර්තා වන බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් මේ වනවිට ඇමෙරිකාව තුළ වාර්තා වන අතර, එන්නත්කරණය මධ්‍යයේ වසංගතය පාලනය කරගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටියි.