ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් අනාවරණය කරන දත්ත අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දෙවැනි ලෝක යුද්ධයෙන් මියගිය මුළු ඇමරිකානු හමුදා මරණ සංඛ්‍යාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.
එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝගී වූ පුද්ගලයන් 405,599ක් මේ වනවිට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි. එක්සත් ජනපද හිටපු හමුදා සාමාජිකයන් ඇතුළු විරුවන් පිළිබඳ කටයුතු කරන දෙපාර්තමේන්තුවට අනුව, දෙවැනි ලෝක සංග්‍රාමයේ මුළු සටන් හා සටන් නොවන මරණ සංඛ්‍යාව 405,399කි.