ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 100,000 සීමාව කරා වේගයෙන් ළඟා වෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආසන්න වශයෙන් පුරෝකථනය කළ එරට මරණ සංඛ්‍යාව 90,000ත් 100,000 අතර සීමාවේ පවතිනු ඇතැයි යන කීම නොබෝ දිනකින්ම බිඳ වැටෙන අවස්ථාවකි.
ඒ අනුව අද (24දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැක්වුණේ 97,076ක් ලෙසිනි.
මියගිය අය වැඩිම ප්‍රාන්තය ලෙස නිව්යෝක් ප්‍රාන්තය සැලකෙන අතර එහි මරණ 29,031කි. නිව් ජර්සි ප්‍රාන්තයේ මරණ 11,082කි.
මේ අතර ඇමෙරිකාව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද අද (24දා) අලුයම වනවිට 1,622,447ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
එමෙන්ම ඇමෙරිකාවේ කොවිඩ් -19 ආසාදිතයන්ගෙන් සමස්ත සුවය ලබා තිබූ පිරිස 361,239ක් බවද ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.
මේ සියලු දත්ත ලොව පුරා පිළිගත් මාධ්‍ය ආයතන විසින් කොවිඩ්-19 වසංගතයේ ආසාදිත අගයන් හා මරණ සංඛ්‍යාවන් සම්බන්ධයෙන් නිල දත්ත ලබාගැනීමට භාවිත කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත ඇසුරෙන් පමණක් ලබාදෙන බව සලකන්න.