ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ අද (05දා) අලුයම වනවිට 68,920ක අගයක් ගත් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එමෙන්ම එරට තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,180,332ක් ලෙස ලක්ෂ 12ක සීමාව කරා පැමිණ ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
සඳුදා දිනයේ පමණක් එරට සමස්ත ආසාදිත අගයට අලුතින් ආසාදිතයන් 22,291 දෙනෙකු එකතු වී ඇති අතර, මරණ 1,238ක් සිදුව තිබේ. වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වර්තා වන අතර, එම අගය 19,057කි.
මේ අතර, ඇමෙරිකාවේ වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 187,180කි.
වෛරසය හඳුනාගැනීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ 7,285,178ක් රට තුළ සිදුකර ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.