කොවිඩ්-19 හෙවත් නව කොරෝනා මරණ 30,000ක් ඉක්මවූ ප්‍රථම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්වෙයි.
ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 32,868ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
එමෙන්ම එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 667,225ක් වන අතර, රෝගය වැළඳී රෝහල්ගතව සිට සුවය ලබා ඇති පිරිස 54,378ක් බවද එම දත්ත පවසයි.
මේ අතර, ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් වාර්තා වන ආසාදිත මරණ සංඛ්‍යාවද 10,000ක් ඉක්මවමින්, 11,477ක් ලෙස වාර්තා වෙයි.
ඇමෙරිකාව මේ දක්වා වෛරසය පාලනය කිරීමට එරට පුරවැසියන් 3,401,064 දෙනෙකු පරීක්ෂණයට බඳුන්කර ඇති බවද කියයි.