එක්සත් ජනපදයේ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නව කොරෝනා වෛරස මර්දනය කිරීම සඳහා තම පරිපාලනය විසින් අගුලු දැමීමක් සිදු නොකරන බවට එරට වත්වන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දෙයි.
ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ තම පරිපාලනය අගුලු දැමීමකට නොයනු ඇති බවය. ඒ වෙනුවට ඔහු කියා සිටියේ තම පරිපාලනය ඉතා සුපරීක්ෂාකාරීව හා ඉතා පරිස්සමින් මෙම තත්ත්වය මෙහෙයවන බවය.
"අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා" ට්‍රම්ප් පැවසීය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, එක්සත් ජනපදය සඳුදා මිලියන 10ක් ආසාදන වාර්තා කිරීමෙන් පසුව, මේ වනවිට නව කෝවිඩ්-19 සිද්ධීන් මිලියන භාගයකට වඩා එකතු කර තිබේ.
මෙම අනුපාතයට අනුව, ඉදිරි දින හතර තුළ එම සංඛ්‍යාව මිලියන 11ක් පසුකළ යුතු අතර, මේ වනවිටත් රටේ තවත් වේගවත්ම ආසාදන මිලියනයක් එකතු වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.