ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය මේ වනවිට 1,508,957කි.
එහිදී ගෙවීගිය සඳුදා දිනයේදී අවම වශයෙන් එරට නව ආසාදිතයන් 21,551 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර, එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද මේ වනවිට 90,000 ඉක්මවා ඇති අතර, එය මේ වනවිට වාර්තා වන්නේ 90,369ක් ලෙසිනි. ඒ අනුව ගෙවීගිය දිනයේදී එරට අලුතින් මරණ 785ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
මේ අතර, ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාවද 28,339ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රට තුළ සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් අගය දැක්වුණේ 1,795,922ක් ලෙසිනි.