ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩන් ජනවාරි 20 වැනිදා දිවුරුම්දීමේ උත්සවයට පෙරාතුව, එරට ප්‍රාන්ත 50 සහ වොෂිංටන් ඩී.සී. හි එක්සත් ජනපද කැපිටල් ඉදිරිපිට ආයුද සන්නද්ධ විරෝධතාවක් සැලසුම් වන බවට තොරතුරු ලැබී ඇතැයි FBI ආයතනය අනතුරු අඟවයි.
මේ තත්ත්වය තුළ දිවුරුම්දීමේ දිනයට පෙර ආරක්ෂක පියවරයන් වේගවත් වෙමින් පවතින අතර, පසුගිය සතියේ එක්සත් ජනපද කැපිටල් වෙත කැරලිකරුවන් විසින් කළ පහරදීම හේතුවෙන් කැපිටල් හි පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගියහ. මේ තත්ත්වය තුළ තවත් ප්‍රචණ්ඩත්වයට ඉඩ ඇති බවට ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සූදානම් වෙමින් සිටින බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
මේ අතර එරට ෆෙඩරල් විමර්ශකයින් පසුගිය සතියේ ප්‍රහාරයේ සැකකරුවන් සොයා ගැනීම දිගටම සිදුකරන බවද සඳහන් වෙයි.
"ජනවාරි 16 සිට අවම වශයෙන් ජනවාරි 20දා දක්වා රාජ්‍යයේ ප්‍රාන්ත 50 තුළම ආයුද සන්නද්ධ විරෝධතා සැලසුම් කර ඇති අතර, එක්සත් ජනපද කැපිටල් හි ජනවාරි 17 සිට ජනවාරි 20දා දක්වා කාලය තුළ සන්නද්ධ විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති තිබෙනවා." විශේෂයෙන්ම ජෝ බයිඩන් ජනපති ධුරයේ දිවුරුම්දීමට පෙර 25 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ට්‍රම්ප් ඉවත් කළහොත් මේ විරෝධතා නැගීමක් පිළිබඳ තර්ජන පවතින බවද FBI යෝජනා කරයි.
ජනාධිපති පදවි ප්‍රාප්තියට පෙර තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ට හනියක් කිරීමේ විවිධ තර්ජන පිළිබඳ වාර්තාද FBI විසින් නිරීක්ෂණය කර ඇති අතර, අතිරේක වාර්තාවලින් දැක්වෙන්නේ උප ජනාධිපති ලෙස තේරීපත් වූ හැරිස් සහ කථානායක පෙලෝසිට එරෙහිවද එවැනි තර්ජනයක් ඇති බව යැයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.