ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාවට පැමිණ ඇති අතර, අද (28දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ 987,467ක් ලෙසිනි.
එමෙන්ම වෛරසය ආසාදිතයන් 56,164ක් ඇමෙරිකාව තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතර මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වෙයි. එම අගය 17,515කි.
වෛරසයෙන් සුවය ලැබූ ඇමෙරිකානුවන් 111,197ක් ලෙස සටහන් වන අතර, මේ වනවිට ඇමෙරිකාව තුළ කොවිඩ් පරීක්ෂණ 5,593,000ක් ඉක්මවා සිදුකර ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.