ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 35,000 සීමාව ඉක්මවා ගොස්, 36,727ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාවට පැමිණ ඇති අතර, එය 700,202ක් ලෙස සටහන් වෙයි.
එම දත්තවලට අනුව ඊයේ (17දා) දිනයේ පමණක් නව ආසාදිතයන් 21,018 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,453ක් වර්තා වී තිබේ.
ඇමෙරිකාව තුළ වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් නගරයෙනි. එම නගරය තුළ පමණක් කොවිඩ්-19 ආසාදනයෙන් මරණ 13,202ක් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගෙන් රෝහල්ගතව මෙතෙක් සුවය ලබා ඇත්තේ 58,545ක් පමණක් වන අතර, එරට තුළ 3,540,000කට වැඩි කොවිඩ්-19 පරීක්ෂණ රට පුරා දැනටමත් සිදුකර තිබේ.