ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කර තිබුණේ, 331,740ක් ලෙසිනි.
මෙම වසරේ පෙබරවාරි 29 වැනි දින වොෂිංටන් ප්‍රාන්තයේ කොවිඩ්-19 හි පළමු වැනි මරණය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් වාර්තා කළ කළේය. එතැන් සිට මරණ සංඛ්‍යාව වැඩිවූයේ මේ ආකාරයෙනි.
එක්සත් ජනපදය මාර්තු 24 වැනි දින සමස්ත මරණ 1,000ක් වාර්තා කළේය.
එක්සත් ජනපදය අප්‍රේල් 4 වැනි දින සමස්ත මරණ 10,000ක් වාර්තා කළේය.
එම මස අගදී එක්සත් ජනපදය අප්‍රේල් 23 වැනි දින සමස්ත මරණ 50,000ක් වාර්තා කළේය.
පළමු මරණයෙන් දින 84කට පසු එක්සත් ජනපදය මැයි 23 වැනි දින මරණ 100,000 ඉක්මවා ගියේය.
ඉන් දින 121කට පසු, එක්සත් ජනපදය සැප්තැම්බර් 21 වැනි දින මරණ 200,000 ඉක්මවා ගියේය.
දින 84කට පසු එක්සත් ජනපදය දෙසැම්බර් 14 වැනි දින මරණ 300,000 ඉක්මවා ගියේය.
ඉන් දින 11කට පසු, එක්සත් ජනපදය දෙසැම්බර් 26 වැනි දින සමස්ත මරණ 330,747ක් ඉක්මවා යමින්, ඇමෙරිකානුවන් 1,000කින් 1ක් අයෙකු කොවිඩ්-19 වලින් මියගොස් ඇති බව තහවුරු කළේය.
මේ අතර එක්සත් ජනපදය තුළ එන්නත් මාත්‍රාවන් 9,547,925ක් බෙදා හැර ඇති අතර, පළමු මාත්‍රාවන් 1,944,585ක් ලබා දී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.