එලැඹෙන සැප්තැම්බර් 11දාට යෙදෙන 9/11 ප්‍රහාරයේ 20 වැනි සංවත්සරය වනවිට එක්සත් ජනපදය සිය සියලුම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි දෛනික ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ජනපති බයිඩන් මෙම තීරණය පිළිබඳ විධිමත් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර තලේබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවලදී, හමුදා ඉවත් වීම සඳහා මැයි 1 වැනි දිනය නියම කර තිබුණි.
නේටෝ සගයන් සහ ඇෆ්ගනිස්ථාන පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනපති බයිඩන් මෙම තීරණය ගත් බව නිලධාරියා මාධ්‍ය වෙත වැඩිදුරටත් පැවසීය.