කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකානු විමර්ශකයන් චීනය වෙත යැවීමට අවශ්‍ය බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
කොරෝනා කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුවට එක්වෙමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජනපදය මීට පෙරද චීනයට ඇතුළු වීමට ඉල්ලීම් කර ඇතත් ඒවා ප්‍රතික්ෂේප වී ඇත. චීනය කොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය දිගින් දිගටම චීනයට චෝදනා කරයි.
"අපි චීනය සමග කතා කරනවා. රට තුළට යාම ගැන අපි බොහෝ කලකට පෙර ඔවුන් සමග කතා කළා. අපට චීනය වෙත යාමට අවශ්‍යයි" ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේය.