ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිසිසිපි හි නව කොවිඩ්-19 ආසාදන කෙතරම් දරුණු වී ඇත්ද යත් නිව්යෝක් සෙන්ට්‍රල් පාර්ක් හි ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපිත කර ඇති අතර, එරට වසංගතයේ මුල් අවධිය සිහිපත් කරමින් වෛද්‍ය නෞකාවක්ද හඩ්සන් ගංගාව දිගේ ළඟා වී තිබේ.
මේ අතර ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය එහි වාහන අංගනය තුළ ඇඳන් තබා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කියයි.
එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව විසින් එවන ලද වෛද්‍ය කණ්ඩායමකින් සමන්විත ජංගම රෝහල් කූඩාරමක් ලබන සතියේ මුලදී විවෘත කිරීමටද එය සැලසුම් කර තිබේ.