ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 1,156,924ක් ලෙස වාර්තා වන බව අද (03) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (04දා) අලුයම දැක්වුණේ 67,500ක සීමාවට පැමිණ තිබේ.
එරට වැඩිම මරණ වාර්තා වීම නිව්යෝක් නගරයෙනි. ඒ අනුව නිව්යෝක් නගරය ආශ්රිත කලාපයේ පමණක් මරණ 19,000කට ආසන්නය.
මේ දක්වා වෛරසය ආසාදිතව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති ඇමෙරිකානුවන් සංඛ්‍යාව 180,152ක් ලෙසද එම දත්ත පෙන්වා දෙයි.
මීට අමතරව රට තුළ වෛරස පාලනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොවිඩ්-19 පරීක්ෂණ 7,053,366ක් සිදුකර අති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.