එක්සත් ජනපදයට උපාය මාර්ගිකව වැදගත් ආක්ටික් කලාපයේ සිය ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන බවට රුසියාව වෙත පණිවිඩයක් යැවීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව ප්‍රථම වතාවට නෝර්වේ වෙත බී -1 බෝම්බ හෙලන යානා පිටත්කර යවා තිබේ.
ඕනෑම රටකට එරෙහිව ප්‍රදේශයේ වූ තම හිතවතුන් ආරක්ෂා කරන බව ඇඟවීම මෙම ක්රියාවේ අරමුණ බවත්, රුසියාවේ ආක්‍රමණයන් කලාපය තුළ ඉතා ආසන්න වීම මීට හේතුව බවත් කියැවෙයි.
එක්සත් ජනපද ගුවන් හමුදාවේ බී -1 බෝම්බ හෙලන යානා 4ක් සහ ටෙක්සාස් හි ඩයිස් ගුවන් හමුදාවේ සාමාජිකයින් 200ක් පමණ නෝර්වේහි ඕලන්ඩ් ගුවන් කඳවුරට යොදවා ඇති අතර, ඉදිරි සති තුන ඇතුළත ආක්ටික් කවය සහ වයඹදිග රුසියාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර ගුවන් කලාපයේ මෙහෙයුම් ආරම්භ කරන බව ඔවුන් කියයි.
එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ තේරීපත්වීමෙන් පසුව ජාත්‍යන්තර යුද මෙහෙයුම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ නවතම පියවරක් ලෙස මෙය සැලකෙයි.