ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින්, එක්සත් ජනපදයේ පරිණාමය වූ සහ වෛරසය පැතිරීම වේගවත් කරන නව කොරෝනා වෛරසය ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම නව වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ දක්නට ලැබෙන ප්‍රභේදයට අමතරව දැනටමත් ප්‍රජාවන් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය 50%කට වඩා සම්ප්‍රේෂණ වේගයක් පැවතිය හැකි බවත් අදාළ කාර්ය සාධක බලකාය සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් මෑතකදී වැඩි වූ වෛරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන එක්සත් ජනපදයේ පරිණාමය වූ නව ප්‍රභේදයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.