ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 120,921ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කෙසේ වෙතත් ගෙවීගිය දිනයට අදාළ නව ආසාදිතයන් තවදුරටත් වාර්තා වෙමින් පවතින බැවින් මෙම අගය මීට වඩා ඉහළ යා හැකි බවද එම විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මීට පෙර දිනයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 102,831ක් වාර්තා වූ අතර, එය එක්සත් ජනපදයේ දෛනික ආසාදන 100,000 ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාවයි.
මැතිවරණ උණුසුමට මැදිවී සිටින ඇමෙරිකාව නව කොරෝනා වසංගතයේ ඉතා භයානක තත්ත්වයකට යොමුවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.