තුන්වන රටක විදේශීය තානාපතිවරයෙක් චීන-ශ්‍රී ලංකා සබඳතා විවෘතව විවේචනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය දේශීය පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා හා චීන සබදතා පිළිබඳව දැක්වූ අදහස්වලට විරෝධය ප්‍රකාශ කරමින් තානපති කාර්යාලය මේ බව පැවැසීය.
ඒ පිළිබඳව තානාපති කාර්යාලට දැඩි කම්පනයක් ඇති බවත් දැඩි අතෘප්තියක් ඇති බවත් ඔවුන් සිය නිවේදනයෙන් පවසයි.
“එක්සත් ජනපදය ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම දැකීම පුදුමයට කරුණක් නොවෙයි. අන්‍යයන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හසුරුවා ගැනීමට දරන උත්සාහය පිළිබඳව සාමාන්‍ය ජනතාව පුදුමයට පත් වෙනවා” යැයි එම නිවේදනයේ දැක්වෙයි.
ස්වාධීන රටවල් වශයෙන් චීනයට සහ ශ්‍රී ලංකාවට සිය අවශ්‍යතාවය හා කැමැත්ත අනුව විදේශ රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට පූර්ණ අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකා සමඟ කටයුතු කළ ආකාරය නැවත නැවතත් කාලය පිළිබඳ පරීක්ෂණයට ලක්ව ඇති බවත් තානාති කාර්යාලය පවසයි.
“චීනය සමඟ ඇති සබඳතා පිළිබඳව රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ස්වාධීන හා සාධාරණ විනිශ්චයක් ඇත. චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ දේශන පැවැත්වීමට එක්සත් ජනපදයට බලයක් හෝ බැඳීමක් නොමැත. එවැනි නිරුවත් ආධිපත්‍යය සහ බල දේශපාලනය චීන ජාතිකයන් විසින් නොඉවසන අතර ශ්‍රී ලංකාව විසින් පිළිගනු නොලැබේ.” යැයි තානාපති කාර්යාලය පවසයි.
එක්සත් ජනපදය අන් අයට දේශනා කිරීම සහ ද්විත්ව ප්රමිතීන් අනුගමනය කිරීම නතර කිරීමට තරයේ යෝජනා කරන බවත් ලෝකයේ අනෙක් පැත්තෙන් සිටින සිය අහංකාර මිතුරාට සරල නමුත් ප්‍රයෝජනවත් උපදෙස් හතරක් ලබාදෙන බවත් තානාපති කාර්යාලය පවසයි.
01 COVID-19 සිද්ධීන්ගෙන් ලොව ඉහළින්ම සිටින රටක් ලෙස වසංගතයට එරෙහිව සටන් කිරීමේදී වෙනත් රටවල වැඩ ගැන අපහාස නොකරන්න
02 ලෝක වෙළඳ සංවිධානයේ තීන්දු උල්ලංඝනය කරමින් නිදහස් වෙළඳාමේ භාරකරු ලෙස පෙනී නොසිටින්න
03 මතභේදාත්මක එම්.සී.සී. ගිවිසුම වසන් කරමින් විනිවිදභාවයේ ධජය ඉහළට ඔසවා තබන්න එපා
04 විදේශ රටවලට බෝම්බ හෙලීම, විදේශීය හමුදා කඳවුරු අල්ලා ගැනීම සහ ඒකපාර්ශ්වික සම්බාධක පනවන රටක් ලෙස අන් අයගේ සාමාන්‍ය සහයෝගය ගැන ගැටලු ඇති නොකරන්න
“හාස්‍යජනක හා කුහක හැසිරීම් සියල්ල හරහා සිදුවන්නේ එහි නූතන ජාත්‍යන්තර කීර්තියට හානි පමුණුවා ගැනීමයි” යැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.