එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය ප්‍රකාශ කළේ රට තුළ කොවිඩ්-19 එන්නත් කිරීමේ ප්රයත්නයන් සඳහා සහාය වීම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින හමුදා භටයන් 1,100ක් යෙදවීමට පෙන්ටගනය අනුමත කර ඇති බවයි.
වසංගතය ඇමෙරිකානුවන් 460,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන ගණනක් ආසාදිතයන් මිලියන 27කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙයි.
එන්නත් කිරීමේ ප්රයත්නයන් ඉහළ නැංවීම සඳහා ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ සහාය ඉල්ලීම ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් අනුමත කර ඇති බව ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩි ස්ලාවිට් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
හමුදා භටයන් දහසකට වැඩි පිරිසකගේ පළමු කණ්ඩායම ඉදිරි දින 10 තුළ කැලිෆෝනියාවේ විවෘත කරන එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ පෙබරවාරි 15දා වනවිට මෙහෙයුම් ආරම්භ කරන බව ස්ලාවිට් පැවසීය.
පෙන්ටගනය පැවසුවේ භටයින් 1,110ක් කණ්ඩායම් පහකට බෙදෙන බවත්, ඒ එක් එක් කණ්ඩායම සතුව හෙදියන් සහ සායනික කාර්ය මණ්ඩලයද සිටින බවත්ය.
එමෙන්ම මාසයක් ඇතුළත රට පුරා මහා පරිමාණ එන්නත් මධ්‍යස්ථාන 100ක් පිහිටුවන ලෙස බයිඩන් ඉල්ලා තිබේ. ඔහුගේ ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරය ඔහුගේ පළමු දින 100 තුළ අදියර දෙකක කොරෝනා වෛරස එන්නත් මාත්‍රාව මිලියන 100ක් ලබාදීම අරමුණු කර තිබේ.