ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 8ක සීමාව පසුකරමින්, අද (17දා) උදෑසන වනවිට අවම වශයෙන් වෛරසය ආසාදිතයන් 8,047,792ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එමෙන්ම එරට තුළ ආසන්න වශයෙන් පුද්ගලයින් 218,556ක් වෛරසයෙන් මිය ගොස් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්ත වලට අනුව මේ වනවිට වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොවිඩ්-19 වසංගත තොරතුරු මධ්‍යස්ථානය විසින් එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21 වැනි දින වාර්තා කරන ලද, එම අවස්ථාවේ සිට එරට තුළ වසංගතයේ සන්ධිස්ථානයන් බිඳ වැටෙමින් ඉදිරියට පැමිණියේ මේ අයුරිනි.
- ජනවාරි 21දා වාර්තා වූ පළමු වැනි කොවිඩ්-19 ආසාදිත සිද්ධියෙන්,
- දින 98කට පසු, අපේ‍්‍රල් 28 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියනයකට ගොදුරු විය.
- දින 44කට පසු, ජුනි 11 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 2ක් වාර්තා කළේය.
- දින 27කට පසු, ජූලි 8 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 3ක් වාර්තා කළේය.
- දින 15කට පසු, ජූලි 23 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 4ක් වාර්තා කළේය.
- දින 17කට පසු, අගෝස්තු 9 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 5ක් වාර්තා කළේය.
- දින 22කට පසු, අගෝස්තු 31 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 6ක් වාර්තා කළේය.
- දින 25කට පසු, සැප්තැම්බර් 25 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 7ක් වාර්තා කළේය.
- දින 21 කට පසු, ඔක්තෝබර් 16 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 8ක් වාර්තා කළේය.
මේ අතර, සමස්ත කෝවිඩ් -19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා වී ඇත්තේ ලෝකයේ තවත් රටවල් තුනක පමණි. එයින්ද ඉන්දියාව වේගයෙන් ඇමෙරිකාව පසුපස හඹා එයි.
- ඉන්දියාවේ මුළු ආසාදිතයන් මිලියන 7කට වඩා වාර්තා වේ.
- බ්‍රසීලයේ මුළු ආසාදිතයන් මිලියන 5කට වඩා වාර්තා වේ.
- රුසියාවේ මුළු ආසාදිතයන් මිලියනයකට වඩා දැනට වාර්තා වේ.