ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පසුගිය නොවැම්බර් 9දා මිලියන 10ක හෙවත් කෝටියක සීමාවක ඉක්මවා ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පෙන්වීය.
එක්සත් ජනපදයේ අවම වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයන් 10,238,965ක් මේ වනවිට (11දා) වාර්තා වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 239,598ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේම ආසාන්න සතියකට වැඩි කාලය තුළ එක්සත් ජනපදයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 100,000 සීමාව පසුකරමින් වාර්තා වෙයි.
මේ සියලු වටපිටාවන් තුළ නව කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූ දා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව ආසන්නතම ආසාදන මිලියන 10ක සීමාව පසුකළ අවස්ථාවයි.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස රෝගය පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21 වැනි දින වාර්තා කරන ලදී. ඉන්,
දින 98කට පසු, අප්‍රේල් 28 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියනයකට ගොදුරු විය.
දින 44කට පසු, ජුනි 11 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 2ක් වාර්තා කළේය.
දින 27කට පසු, ජූලි 8 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 3ක් වාර්තා කළේය.
දින 15කට පසු, ජූලි 23 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 4ක් වාර්තා කළේය.
දින 17කට පසු, අගෝස්තු 09 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 5ක් වාර්තා කළේය.
දින 22කට පසු, අගෝස්තු 31 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 6ක් වාර්තා කළේය.
දින 25කට පසු, සැප්තැම්බර් 25 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 7ක් වාර්තා කළේය.
දින 21කට පසු ඔක්තෝබර් 16 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 8කට ගොදුරු විය.
දින 14කට පසු, ඔක්තෝබර් 30 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 9කට ගොදුරු විය.
දින 10කට පසු, නොවැම්බර් 9 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 10ක් වාර්තා කළේය.
මේ අතර ලෝකයේ තවත් රටවල් 8ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 8.5කට වඩා වැඩිය.
බ්‍රසීලයේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5.7කට ආසන්නය.
රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය සහ කොලොම්බියාව යන රටවල් ආසාදිතයන් මිලියනයක් ඉක්මවා වර්තා කර ඇත.