ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට කෝටියක සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයන්ගෙන් පහෙන් එකක්ම ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් වාර්තා වී ඇති බව එම දත්ත පිළිබිඹු කරයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (09දා) අලුයම නිකුත් කළ දත්තවලට අනුව එක්සත් ජනපදයෙන් මේ වනවිට ආසාදිතයන් 9,954,952ක් වාර්තා වෙයි.
එමෙන්ම ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 මරණවලින්ද පහෙන් එකකට ආසන්න අගයක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනදයෙනි. මේ වනවිට එරට ඇමෙරිකාවේ වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 237,561ක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙයි.
මෙහිදී වැඩිම මරණ වාර්තා වූ ප්‍රාන්ත ලෙස නිව්යෝක්, ටෙක්සාස්, කැලිෆෝනියා, ෆ්ලොරීඩා, නිව් ජර්සි, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස් වැනි ප්‍රාන්ත දැකිවිය හැකි අතර, වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ මෙම බොහෝ ප්‍රාන්ත ඇතුළුව ප්‍රාන්ත රැසක යළිත් ආසාදන ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දුර්වල කොරෝනා පාලනය මෙම තත්ත්වයට බෙහෙවින් ඉවහල් වූ අතර, පාලකයන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට දැක්වූ මන්දගාමී ප්‍රවේශය, මුඛ ආවරණ වැනි සමාජ දුරස්ථ පියවර අනුගමනය කිරීමට ජනතාව තුළ උනන්දුවක නොවීමද ඊට හේතු විය. අවසානයේදී ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය බලය අහිමි වීමටද මේ තත්ත්වය බලපෑ බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර, ඇමෙරිකාවේ අලුතින් තේරීපත් ජනාධිපති ජෝ බයිඩන් එරට නව කොරෝනා කාර්ය සාධක බලකාය අලුතින් පත් කිරීමටද කටයුතු කර ඇති අතර, ඔහුගේ මැතිවරණ පොරොන්දුවට අනුව වෛරසය පිටුදැකීමට කඩිනමින් කටයුතු කරන බව ජයග්රහණයෙන් පසුවද කියා සිටියේය. මන්දයත් රටක ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඕනෑම රජයක් බැඳී සිටින අතර, ඒ වෙනුවෙන් කටයුතු නොකළහොත් පාලකයන්ට අත්වන ඉරණම බයිඩන් දැන්ම අවබෝධ කරගෙන ඇති බව ඔහුගේ මෙම උනන්දුවෙන් වඩාත් පැහැදිලිය.