ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස ආසාදන අනුපාතය ගැඹුරු ප්‍රශ්නයක් ඇතිකරමින් ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත්, එය ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇතැයි තමා සැකකරන බවත් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.
"එක්සත් ජනපදයේ ආසාදන අනුපාතය බෙහෙවින් අවදානම් මට්ටමක. ගිම්හානය වඩාත් උණුසුම් වනවිට සහ මිනිසුන් ගෘහස්ථව සිටින විට, ඇත්ත වශයෙන්ම සීත සෘතුව පැමිණීමට පෙර ආසාදන අඩුකර ගැනීම පහසුයි. නමුත් මේ වනවිට එම ආසාදන බොහෝදුරට යෞවනයන් තුළ වේගවත් වෙලා. එයින් අදහස් වන්නේ මරණ අනුපාතයද ඉහළ යන බවයි. එය උච්චතම අවස්ථා කරා ඇදෙන බවයි." තමන් සති හතරකට පෙර අනාවැකි පළකළ කතාවෙහි නරක පැත්ත දැන් දැකගැනීමට ලැබෙන බව බිල් ගේට්ස් කීවේය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.