අඩු ආසාදන අනුපාතයක් ඇති ප්‍රදේශවල වඩාත් ආරක්ෂිතව කොවිඩ්-19 සීමාවන් ක්‍රමයෙන් ඉවත්කළ හැකි නමුත් රටපුරා කොවිඩ්-19 ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
"ඔබ එම ජයග්‍රහණය ලැබූ (ආසාදිතයන් අඩු) ප්‍රදේශයක සිටින විට, ආසාදනය වීමේ අවදානම ඉතා අඩු මට්ටමක සිටින විට, පැහැදිලිවම ඔබ දකින්නේ අප සැවොම යන්නට කැමති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉවත් කර ඇති අවස්ථාවක් වෙත යන්නටයි." ෆවුසි පැවසීය.
"ආසාදන මට්ටම පහත වැටීමට පටන් ගන්නේ නම් එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් වැඩි පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දෙන විට එහි මඟ පෙන්වීම් (කොවිඩ් සීමාවන්) ආපසු හරවනු ඇතැයි මා අපේක්ෂා කරනවා" ෆවුසි වැඩිදුරටත් පැවසීය.