ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත පිරිස 936,616ක් බව අද (26දා) අලුයම නවතම දත්ත ඉදිරිපත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඒ අනුව එම දත්තවලින් කියැවෙන්නේ මේ වනවිට ඇමෙරිකානුවන් 53,694ක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එහිදී වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර, නිව්යෝක් නගරයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 17,126කි.
ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස ලක්ෂය ඉක්මවමින්, 100,104ක් ලෙස වාර්තා වෙයි.