ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති අතර, එම අගය අද (23දා) අලුයම වනවිට දැක්වුණේ 1,600,723ක් ලෙසිනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන පරිදි එරට නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 96,000 සීමාවට පැමිණ ඇති අතර, එම අගය අද අලුයම වනවිට 95,972ක් ලෙස සටහන් විය.
ඇමෙරිකාවේ මරණවලින් වැඩිම ප්‍රතිශතය නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 28,853කි.
දෙවනුවට වැඩිම මරණ වාර්තා වන නිව් ජර්සි ප්‍රාන්තයෙන් මරණ 10,985ක්ද, තෙවනුවට වැඩිම මරණ වාර්තා වන මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් මරණ 6,228ක්ද, සිව්වනුව වැඩිම මරණ වාර්තා වන මිචිගන් ප්‍රාන්තයෙන් මරණ 5,158ක්ද, පස්වනුව වැඩිම මරණ වාර්තා වන පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙන් මරණ 5,010ක්ද වාර්තා වෙයි.
ඇමෙරිකාවේ වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලබා ඇති පිරිස 350,135ක් ලෙස සැලකෙයි.