එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් කරන ලද නව තක්සේරුවකට අනුව, එක්සත් ජනපදයේ සත්‍ය කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව කලින් වාර්තා වූවාට වඩා අට ගුණයකින් පමණ වැඩිවිය හැකි බව කියයි.
පෙබරවාරි 27දා සිට සැප්තැම්බර් 30දා දක්වා කාලය තුළ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 53කට ආසන්න වී ඇති අතර, එය වාර්තා වී ඇති මිලියන 6.8ක අගයට වඩා 8 ගුණයක් පමණ බව එම පර්යේෂකයෝ නොවැම්බර් 25 වැනි දින සායනික බෝවන රෝග සඟරාවේ පළ කළ වාර්තාවක දැක්වෙයි.
ඔවුන් කියා සිටියේ අසම්පූර්ණ ලෙස වාර්තා කිරීම, කිසිවිටෙකත් පරීක්ෂාවට ලක්නොවූ රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් නොසලකා හැරීම සහ ව්‍යාජ සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත් අය ආදිය මේ සඳහා හේතු වී ඇති බවය.
නමුත් සුළු රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අයද නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය කරන්නන් ලෙස හැඳිනගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදය තවත් දරුණු සන්ධිස්ථානයකට එලැඹීමත් සමග මෙම වාර්තාව පැමිණ ඇති අතර, ඔවුන් වාර්තා කර ඇති කොවිඩ් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 13ක් ඉක්මවා ඇති අතර, වෛරසය ඇමෙරිකානු ජීවිත 267,000කට ආසන්න අගයක් විනාශ කර ඇත.