ඇමෙරිකා එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 12ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව එක්සත් ජනපදය පසුගිය දින 12 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 2ක් පමණ එකතු කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විසින් එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය පිළිබඳ පළමු සිද්ධිය ජනවාරි 21 වැනි දින වාර්තා කරන ලදී. ඉන් අනතුරුව,
දින 98 කට පසු, අප්‍රේල් 28 වැනි දින ආසාදන මිලියනයක සීමාව පසු කළේය.
දින 44කට පසු, ජුනි 11 වැනි දින ආසාදන මිලියන 2ක් වාර්තා කළේය.
දින 27කට පසු, ජූලි 8 වැනි දින ආසාදන මිලියන 3ක් ලෙස සටහන් කළේය.
දින 15කට පසු, ජූලි 23 වැනි දින ආසාදන මිලියන 4ක සීමාව පසු කළේය.
දින 17කට පසු, අගෝස්තු 9 වැනි දින ආසාදන මිලියන 5ක් වාර්තා කළේය.
දින 22කට පසු, අගෝස්තු 31 වැනි දින ආසාදන මිලියන 6ක් සටහන් කළේය.
දින 25කට පසු, සැප්තැම්බර් 25 වැනි දින ආසාදන මිලියන 7ක් වාර්තා කළේය.
දින 21කට පසු ඔක්තෝබර් 16 වැනි දින ආසාදන මිලියන 8කට ගොදුරු විය.
දින 14කට පසු, ඔක්තෝබර් 30 වැනි දින ආසාදන මිලියන 9ක් වාර්තා කළේය.
දින 10කට පසු, නොවැම්බර් 9 වැනි දින ආසාදන මිලියන 10ක සීමාව පසු කළේය.
දින 6කට පසු, නොවැම්බර් 15 වැනි දින ආසාදන මිලියන 11ක් වාර්තා කළේය.
දින 6කට පසු නොවැම්බර් 21 වැනි දින ආසාදන මිලියන 12කට ගොදුරු විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (22දා) උදෑසන වාර්තා කරන ආකාරය මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 12,051,253කි. එමෙන්ම වසංගතය ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 255,588ක් කොරෝනා වෛරසයෙන් මේ වනවිට මියගොස් තිබේ.