එක්සත් ජනපද සෙනෙට් සභිකයින් තිදෙනෙක් වන මෙයිනේ හි ඇන්ගස් කින්ග්, මිසිසිපි හි රොජර් විකර් සහ කොලරාඩෝ එි ජෝන් හිකන්ලූපර් කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගෙන තිබේ.
මෙසේ ආසාදිත වූ සෙනෙට් සභිකයන් තිදෙනාම එන්නත් ලබාගෙන ඇති අය බවද කියයි. සුළු උණ තත්ත්වයක් හේතුවෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන ඇත.
ඔවුන් කියා සිටියේ එන්නත ලබාගැනීම නිසා ඔවුන් සියලු දෙනාටම පාහේ අසාධ්‍ය තත්ත්වයකට පත්ව නොමැති බවයි. කෙසේ වෙතත් මෙම රෝගයේ ඇති බැරෑරුම් බව සලකා නිවසේම නිරෝධායනය වෙමින් ඔවුන්ගේ ආශ්‍රිතයන්ද පරීක්ෂණ සඳහා යොමුකළ බවද ඔහුවු පවසති.