ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්ද විමසීම ඉතාමත් උණුසුම් ආකාරයෙන් සිදුවෙමින් පැවති අතර, එරට වේලාවෙන් මේ වනවිට බොහෝ ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් වෙමින් පැවතිණි.
මේ අතර තහවුරු නොකළ මැතිවරණ ප්‍රතිඵලයන්ට අනුව ඉන්දියානා ප්‍රාන්තයේ ජය, පළමු ජයග්‍රහණය ලෙස ට්‍රම්ප් විසින් හිමි කරගෙන ඇති බව විදෙස් වාර්තා පුරෝකථනය කරයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන ඡන්ද සමූහ (electoral college) 270න් 11ක් ඉන්දියානා ප්‍රාන්තය සතු බව කියැවෙයි. 2016 ජනාධිපතිවරණයේදීද ඉන්දියානා ජයග්‍රහණය කර තිබුණේ ට්‍රම්ප් විසිනි.
කෙසේ වෙතත් ෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේනියා, විස්කොසින් ආදී ප්‍රාන්තවල ජයග්‍රහණය මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක සාධකයක් වනු ඇති බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම මැතිවරණයේ පූර්ව ප්‍රතිඵලවලින් අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි අතර, ඒ අවසානයේදී වැඩිම ජනතා ඡන්දය ලබාගත් තැනැත්තාට වඩා, ඡන්ද සමූහයන් (electoral college) ලබාගත් තැනැත්තා ජනාධිපති පුටුවේ වාඩිවන බැවිනි.