ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ බටහිර කොටසේ ඉදිරිපස සිට දිවුරුම්දීම අද (20දා) එරට වේලාවෙන් පෙ.ව.10.30ට පමණ සිදුවීමට නියමිතය.
ජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදුවෙයි.
මෙසේ දිවුරුම් දීමෙන් පසු, ජෝ බයිඩන් විසින් වසංගතය පරාජය කිරීම, වඩා හොඳ තත්ත්වයක් ගොඩනගා ගැනීම සහ ජාතිය එක්සත් කිරීම සහ සුව කිරීම වෙනුවෙන් වූ ඔහුගේ දැක්ම ඉදිරිපත් කරමින් සමාරම්භක දේශනයක් පැවැත්වීමට නියමිතය.
එම උත්සවයෙන් අනතුරුව, තේරීපත් වූ නව ජනපති සහ ජනපති ආර්යාව, තේරීපත් වූ උප ජනපති සහ උප ජනපති ස්වාමියා එක්සත් ජනපද හමුදා සාමාජිකයන් සමග නැගෙනහිර පෙරමුණේදී Pass in Review ලෙස සැලකෙන නව අණදෙන නිලධාරියෙකුට සාමකාමීව බලය පැවරීම පිළිබිඹු කරන දිගුකාලීන හමුදා සම්ප්රදාය සිදුකරනු ඇත.